පිලිපීනයේ පැවති "මිස් ටුවරිසම් යුනිවර්ස් - 2025 '' ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී " ජාත්‍යන්තර සංචාරක රූ රැජින ( Qeen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගෙන 08/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 17 ක රූ රැජිනියන් 17 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 07/30 දින සිට 08/08 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර පවත්වා තිබූණි.
ආදිත්‍යා වැලිවත්ත මෙම ජයග්‍රහණයට අමතරව තරගාවලියේ හොදම ජාතික ඇදුම ( Best National Costume ) සහ Most Beautiful Photogenic යන සම්මාන ද්විත්වය ද දිනා ගැනීමට සමත් වී සිටියාය .
ආදිත්‍යා වැලිවත්ත ප්‍රකට ගායිකාවකි. ඇය 08/11 දින අලුයම 12.20 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .


